පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී අනාවරණය කරගත් තොරතුරු මත වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සොයාගෙන ඇත.
එහිදි එම ගබඩාව තුළ තිබී වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750ක් සොයාගෙන ඇති බවට වාර්තා වේ.
අදාළ පිටිවල නිෂ්පාදිත දිනය පසුගිය වසරේ මාර්තු සහ මැයි මාස ලෙසත් කල් ඉකුත් වීමේ දිනය මේ වසරේ මාර්තු සහ මැයි මාස ලෙසත් සඳහන් කර තිබු අතර ඒවා දැඩි කෘමි ආසාදනයට ලක්ව තිබු බවද සඳහන් වේ.
ඒ අනුව අදාළ භාණ්ඩ තොගය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවද දන්වා ඇත.


