පොදු ප්‍රවාහනයට තමන්ගේ අත්දැකීම්වලින් දායකත්වය ලබාදෙන්න සූදානම් බව ජගත් විතාන මහතා පවසයි …….……

jagath web 2

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා යාන වාහන වැටුප් ලබා ගැනීමකින් තොරව තමන්ගේ අත්දැකීම් මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය​ට ලබාදීම සඳහා සූදානම් බවත් තමන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ආරාධනාව පිළිගන්නා බවත් පවසා ඇත.

එමෙන්ම ආණ්ඩුව යනු පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනා බවත් තමන්ට පෞද්ගලික ඉලක්ක නොමැති බවත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුර සඳහන් කර ඇත.

ලංගම දියුණු කිරීමට නොහැකිවී ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ සේවක අතිරික්තය බවත් ලංගම බස් රථයක් සඳහා මේ වන විට සේවකයින් 7 ක් පමණ සිටින අතර ආණ්ඩුවක් මාරු වූ පසුව මුලින්ම සිදු කරන්නේ ගමනාගමන මණ්ඩලයට රැකියා සඳහා බඳවා ගැනීම බවත් වත්මන් ආණ්ඩුව එසේ නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිවන්ත වන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

එමෙන්ම සේවක අතිරික්තයක් තිබෙන නිසා බොහෝ අවස්ථාවලදී ඩිපෝ කළමනාකාරීවයට පත්වන්නේ කොන්දොස්තරවරයෙක් හෝ රියදුරෙක් බවත් එවිට පරිපාලනය සිදු කිරීමේදී ගැටලු මතුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

තමාගේ බස් රථ ධාවනය කිරීමේදී බස් රථ රියදුරාටම පුහුණුවෙන් පසු රියදුරු බලපත්‍රය හා කොන්දොස්තර බලපත්‍ර යන දෙකම තමා විසින්ම අරගෙන දෙන බවත් එවිට තමා සතු බස් රථයක සේවකයෙක් අඩු වූ විට කවුරුන් හෝ සේවකයෙක් යොදවා බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

එසේම තමන්ගේ සෑම බස් රථයකට ආයුද පෙට්ටියත් තබා ඇති බවත් ලංගම බස් රථවල එවැන්නක් නොමැති අතර තමාගේ බස් රථ ධාවන වාරයක් අවසනයේදී අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීමට වෙනම කණ්ඩායමක් සිටින බවත් ලංගම ඩිපෝ සතුව අමතර කොටස් ගබඩාවක් නඩත්තු කිරීමක් සිදු නොකරන බවත්, බස් රථ 50 ක් 60 ක් ධාවන කරන ඩිපෝවක අමතර කොටස් ගබඩාවක් පවත්වාගෙන යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *