ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී ඇති පොලිස් මූලස්ථානය සදහන් කර ඇත.
ඒ අනුව, මෙලෙස ස්ථාන මාරුවිම් ලබා දී ඇත්තේ, එච් එන් අසංක, ජී ඒ බී ගුණතිලක, කේ කේ ගුණසේකර, ආර් පී අමරසිංහ, ආර් එච් පී ගුණසේකර යන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වේ.
එමෙන්ම, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන එන් එන් එස් මෙන්ඩිස්, ඩබ්ලිව් පී ජේ සේනාධීර, එම් එම් ඒ බී මහගිරිල්ල සහ එම් යූ පී කලුපහන නියෝජ්‍ය පොලිස්පති දිසාවන්හි රාජකාරී ආවරණය සදහා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කර ඇත.


