මාර්තු 15 වන අද දින උදෑසන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහරදී සහෝදරයන් දෙදෙනෙකු මියගොස් ඇත.
23 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇති බව වාර්තා වේ.
අදාළ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය සොයමින් සිටින බවද වාර්තා වේ.


