රුපියල් 1,500 ක මුදලක් පොලිස් වාර්තාවක් ලබා දීම සදහා අල්ලස් ලෙස ලබාගත් ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයට අනියුක්ත කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත – අඩිප්පල ප්‍රදේශයේ පුද්ගලයෙකුට විදෙස් ගත වීමට අවශ්‍ය පොලිස් නිශ්කාෂණ වාර්තාවක් ලබා දීම සදහා මෙම පොලිස් කොස්තාපල්වරයා රුපියල් 2000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කර ඇත.
පසුව එම මුදල රුපියල් 1500 දක්වා අඩු කර ඇති අතර එම මුදල් හලාවත – බණ්ඩාරහේන, කයිසල් – බයිබල් දේවස්ථාන භූමියේදී ලබා ගැනීමට යාමේදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


