ෆේස්බුක් සාදයක් වැටලීමෙන් 76 දෙනෙකු අත්අඩංගුවට …….……

facebook web 1

ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මාර්තු 22 වන ඊයේ රාත්‍රී කාලයේ දී සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බව වාර්තා වේ.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට්ද සොයා ගෙන ඇත.

මෙහිදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියන් 03ක්, සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මීට අමතරව මෙම සාදය සඳහා සහභාගිවූ තරුණියන් 12 දෙනෙකු සහ තරුණයින් 47 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවරුදු 18ත් 25 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදින්චිකරුවන් බව පොලීසිය දන්වා ඇත.

සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *