අප්‍රේල් 09 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.
අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.
එමෙන්ම පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
ඉන්පසු පෙ.ව. 10.00 – පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.
ඉන් අන්තුරුව පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට සහ විවිධ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තා 17ක් අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


