මධ්‍ය කඳුකරයේ ආරක්ෂිත වැට ඉදිකිරීමට කටයුතු ………….……

WhatsApp Image 2025 05 21 at 10.53.26 1

මධ්‍ය කඳුකරයේ රිය අනතුරු බහුල, අවදානම් සහිත ස්ථානවල මාර්ගය දෙපසටම ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට කටයුතු කරනබව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් එවැනි ස්ථාන කිලෝමීටර් 500ක පමණ ප්‍රමාණයක් ඇති බවද එම අධිකාරිය ප්‍රකාශ කර සිටියි.

ඉන් කිලෝමීටර් 15ක පමණ ආරක්ෂිත වැට ඉදිකිරීම අවසන් කර ඇති බවත්, පසුගිය කාලයේ රිය අනතුරු සිදුවූ ප්‍රදේශ කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බවත් සඳහන් වේ.

මේ යටතේ මහනුවර, මාතලේ හා බදුල්ල දිස්ත්‍රික්කවල ඇති මාර්ගවල අවදානම් ස්ථාන සඳහා ද ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *