පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි ශ්‍රී ලංකාවේ නිල සංචාරයක ………….……

WhatsApp Image 2025 05 28 at 10.53.58

යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා අද (28) සිට 31 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වෙයි.

විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත සහ යුරෝපා කොමිසමේ උප සභාපති කජා කලාස් මහතා නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය සිකෝර්ස්කි මහතා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

මෙම සංචාරය අතරතුර දී පෝලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් බැහැදකිනු ඇති අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර දිගුකාලීන සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.

යුරෝපා සංගමයේ සහ පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද පෝලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මෙම සංචාරයට සහභාගී වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *