ගුවන් තොටුපළට පැමිණෙන මගීන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙස දැනුම් දීමක්

template 42

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග කිහිපයකට තවදුරටත් ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තවදුරටත් භාවිතා කරන ලෙසයි ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම දැනුම් දෙන්නේ.

එසේම ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ තදබදය අවම කර ගැනීම සඳහා, අමුත්තන් පර්යන්තයට රැගෙන නොඑන ලෙසත්, ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාමට පැමිණෙන ගුවන් මගීන්ගේ සහයෝගය සහ අවබෝධය අගය කරන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *