නාය යෑමේ හේතුවෙන් වසා දමා තිබුණු නිවෙසක් ගිනි ගෙන පිළිස්සුණු මළ සිරුරක් හමුව තිබෙනවා.

pilissuna malasirura
නාය යෑමේ අවදානමක් හේතුවෙන් නිවැසියන් පිටව යෑම නිසා වසා දමා තිබුණු නිවෙසක් ගිනි ගෙන ඇතැයි අංකුඹුර පොලිසියට අද (23) ලද පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂාවකදී එම නිවස තුළ තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුව තිබෙනවා.
අංකුඹුර ගල්කන්ද ප්‍රදේශයේ වසා දමා තිබුණු මෙම නිවෙස තුළ ගින්නක් හටගෙන තිබෙන බවට ප්‍රදේශවාසියකු ඊයේ (23) පෙරවරු 11.00 ට පමණ පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබුණා.
ඒ අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් සිදු කළ පරීක්ෂාවේදී හඳුනාගත නොහැකි ආකාරයෙන් බරපතල ලෙස පිළිස්සී ගිය මළ සිරුර හමුව තිබෙනවා.
පසුගිය දිනවල පැවැති අධික වැසි තත්ත්වයත් සමඟ ඇතිවූ නාය යෑමේ අවදානම හේතුවෙන් මෙම නිවසේ හිමිකරු වන ඩබ්ලිව්.සී. සෙනවිරත්න යන අය පවුලේ අය සමඟ නිවසින් පිටව මීගමුවේ පදිංචි ඔහුගේ දියණියගේ නිවසට ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.
ගින්නෙන් නිවසටද දැඩි අලාභහානි සිදුව ඇති අතර මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගෙන්ම පොලීසිය ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
අංකුඹුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *