T 56 අවියක් සමග අතහැර ගිය මෝටර් රථ‍යක් හමුවෙයි ,

ragama T 56
T 56 අවියක් සමග අතහැර ගිය මෝටර් රථ‍යක් හමුවෙයි , T 56 වර්ගයේ ගිනි අවියක් සහිත මෝටර් රථ‍යක් අතහැර දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අද (22) පස්වරු 7:30ට පමණ මෙම මෝටර් රථය රාගම පහලවත්ත කනත්තට යාබද වෙල් යාය අසල තිබියදීයි සොයාගෙන ඇත්තේ.
ටොයොටා කරීනා වර්ගයේ කාර් රථයක් මෙසේ හමුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.
යම් අපරාධයක් සඳහා පැමිණි පිරිසක් මෝටර් රථයේ දෝෂයක් මත රථය මග දමා පලා යන්නට ඇති බවයි පොලිසියට සැක කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් රාගම හා කඩවත පොලිසියේ නිලධාරීන් විමර්ශන සිදුකරමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *