මාලිමා මන්ත්‍රී සම්බන්ධ සිද්ධියේ කොස්තාපල්ගේ වැඩ තහනම් ,ඇප මත මුදා හරින ලද සූරියකන්ද පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.
මොහු චෝදනා තුනක් මත අත්අඩංගුවට ගනු ලැබ සිට පසුව ඇප මත මුදා හැරියා.
NPP පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර විසින් තමාට පහර දුන් බවටද ඔහු චෝදනා කරමින් සිටියා.
මෙසේ රාජකාරි වැඩ තහනම් කර තිබෙන්නේ පොලිස් කොස්තාපල් හෙට්ටිආරච්චිගේ සුසන්ත වීරසේන හෙට්ටිආරච්චි නමැත්තාගෙයි.
මොහු පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිට තිබෙනවා.


