එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.

අද (30) පස්වරුවේ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙම හමුව සිදුව තිබුණා.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවයසම්, උප සභාපති නවීන් දිසානායක යන මහත්වරුන් එක්ව සිටියා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම හමුවට පැමිණ තිබුණා.

පක්ෂවල පාක්ෂිකයින් හා සැලකීමේදී අදාළ සාකච්ඡාව ඉතා වැදගත් සාකච්ඡාවක් බව පවසනවා.

මෙය තීරණාත්මක මට්ටමේ දේශපාලන සාකච්ඡාවක් නොවුවද අදාළ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑමට දෙපාර්ශ්වයම එකඟතාව පළකර ඇති බවද සඳහන් වනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *