Breaking: ජොන්ස්ටන් FCIDයට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබෙනවා.
ඒ මහතාට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.
සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබුණේ මීට සති කිහිපයකට ඉහතදීයි.
කෙසේවෙතත් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් විසින් විමර්ශන ආරම්භ කර තිබූ නමුත්, ඔහු සිටින ස්ථානයක් සොයාගැනීමට පොලීසියට නොහැකිවී වී තිබුණා.
මේ අතර, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ, පසුගිය දෙසැම්බර් 30 වැනිදායි.
ඒ අනුව, පසුගිය 31 වැනිදා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කළා.


