ජපානයේ ප්‍රබල භූ කම්පාවක්
ජපානයේ ෂිමානේ ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් අද (06) සිදුව තිබෙනවා.
ජපාන භූ කම්පන තීව්‍රතා පරිමාණයට අනුව මෙය සටහන් වී ඇත්තේ 5 වන මට්ටමේ ප්‍රබල කම්පනයක් ලෙසයි.
එරට වේලාවෙන් අද පෙරවරු 10:18 ට මෙම ප්‍රධාන භූ කම්පනය සිදුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.
ඉන් විනාඩි 10 කට පමණ පසුව, යසුගි ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් මාපක 5.1 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් පසු කම්පනයක් හටගෙන තිබෙනවා.
එය භූ කම්පන තීව්‍රතා පරිමාණයෙන් 5 ට වඩා අඩු මට්ටමක සටහන්ව ඇති බවයි සඳහන් වන්නේ.
මෙම භූ චලන තත්ත්වය හේතුවෙන් මෙතෙක් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.
කෙසේවෙතත්, ප්‍රධාන කම්පනයෙන් පසුව තවත් සුළු පසු කම්පන කිහිපයක් එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සඳහන් වනවා.


