සංජීව ඝාතනයේ සැකකරුවන් දෙන්නෙක්ට අධිකරණයෙන් නියෝගයක්
පාතාල කල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට නවාතැන් පහසුකම් සැපයූ සහ ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනෙකු ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (07) නියෝග කළා.
මෙලෙස බන්ධනාගාර ගත කෙරුණේ නන්ද කුමාර් තක්ෂි නමැත්තිය සහ තවත් සැකකරුවෙක්.
දින 90ක කාලයක් රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටි මෙම සැකකරුවන් දෙදෙනා, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද දින කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරයා, සැකකරුවන් එළඹෙන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.


