ඇමරිකාව රටවල් 75ක් ගැන ගත් තීරණය

usaa

ඇමරිකාව රටවල් 75ක් ගැන ගත් තීරණය

ට්‍රම්ප් පරිපාලනය විසින් ගනු ලැබූ ඉතාම දැඩි ආගමන විගමන නීති මාලාවක කොටසක් ලෙස රටවල් 75 ක පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම තීරණය ජනවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බවයි.

බ්‍රසිලය, ඉරානය, රුසියාව, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, තායිලන්තය, යේමනය ඇතුළු රටවල් 75ක පුරවැසියන් සඳහා මෙම තහනම පැනවීමට තීරණය කර ඇති අතර සම්පූර්ණ රටවල් පිළිබඳ තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කිරීමේදී සිදුකරන පරීක්ෂණ සහ තහවුරු කිරීමේ ක්‍රියා පටිපාටි නැවත සමාලෝචනය කරන තෙක් මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *