දිට්වා සුළි කුණාටුවෙන් දින 50ක් ගෙවී ගියත් සින්නනාගවිල්ලුව තවමත් දිය යට: පවුල් ගණනාවක් අවතැන්ව අසරණ වෙයි

ishralayaa 1

දිට්වා සුළි කුණාටුවෙන් දින 50ක් ගෙවී ගියත් සින්නනාගවිල්ලුව තවමත් දිය යට: පවුල් ගණනාවක් අවතැන්ව අසරණ වෙයි

දිට්වා සුළි කුණාටුව මෙරටින් නික්ම ගොස් දින 50කට අධික කාලයක් ගතවී ඇතත්, වනාතවිල්ලුව “සින්නනාගවිල්ලුව” ගම්මානයේ ජනතාව තවමත් ජලයෙන් වටවී බියෙන් හා සැකයෙන් දිවි ගෙවති. පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි අවධානයට ලක්වූ මෙම ප්‍රදේශයේ සැබෑ තත්ත්වය සොයා අප (ජනවාරි 13 වැනිදා) එහි සංචාරය කළෙමු.

සින්නනාගවිල්ලුව ප්‍රදේශයේ නිවාස රැසක් මෙන්ම, ගම්මානයේ පොදු ස්ථාන වන පෙර පාසල, කතෝලික දේවස්ථානය, සත්ව ගොවිපළවල් සහ වගාබිම් රැසක් තවමත් අඩි කිහිපයක් ජලයෙන් යටවී පවතී. සුළි කුණාටුවත් සමඟ ඇතිවූ අධික වර්ෂාව සහ ජලාශ වාන් දැමීම හේතුවෙන් ප්‍රදේශයේ විල්ලු 9ක ජල මට්ටම මෙලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 13ක් සම්පූර්ණයෙන්ම ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති අතර, තවත් පවුල් 7ක ජනතාව තවමත් තම ගම්බිම් අතහැර යා නොහැකිව ජලයට මායිම්ව ඉතා කටුක ලෙස දිවි ගෙවති. ඔවුන් පවසන්නේ ඕනෑම මොහොතක ජල මට්ටම නැවත ඉහළ යා හැකි බවට පවතින බිය තමන්ව වෙලාගෙන ඇති බවයි.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් ආර්. ප්‍රභාකරන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, විල්ලු පද්ධතිවල ජල මට්ටම මෙලෙස ඉහළ යාම නිසා මෙම ප්‍රදේශය මේ වන විට පදිංචිය සඳහා නුසුදුසු ආරක්ෂිත නොවන කලාපයක් බවට පත්ව ඇති බවයි.
#Sri Lanka#Ditwa Cyclone#Rapid News#

Leave a Reply

Your email address will not be published. Required fields are marked *