ස්ටෙෆනි සිරිවර්ධන බන්ධනාගාර නිරීක්ෂණ කමිටුවට

ස්ටෙෆනි සිරිවර්ධන බන්ධනාගාර නිරීක්ෂණ කමිටුවට
රජය විසින් මෑතකදී බන්ධනාගාර නිරීක්ෂණ කමිටු සඳහා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පත් කර තිබෙනවා.

එහිදී ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන ස්ටෙෆනි සිරිවර්ධන බන්ධනාගාර නිරීක්ෂණ නිලධාරිනියක් ලෙස පත් කර තිබෙනවා.

ස්ටෙෆනි සිරිවර්ධන මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් වන අතර, 2011 සහ 2013 වසර වල ඇය ශ්‍රී ලංකා රූ රැජින සහ ආසියානු රූ රැජින ලෙස කිරුළ දිනා ගැනීමට සමත් වුණා.

බන්ධනාගාර වැනි සංකීර්ණ පද්ධතියක අධීක්ෂණ කටයුතු සඳහා මෙලෙස කලා ක්ෂේත්‍රයේ නිරූපිකාවක් පත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතා බහට ලක්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *