වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ මහතා තේරී පත්ව තිබෙනවා.

WhatsApp Image 2026 02 02 at 16.25.39

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ මහතා තේරී පත්ව තිබෙනවා.

ඒ අද පැවැති ඡන්ද විමසීමේදීයි.

එහිදි ඒ මහතාට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂව ඡන්ද 21ක් හිමිවුණා.

ඒ අනුව වැඩි ඡන්ද 1කින් එම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගයට හිමිවුණා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව ඉකුත් ඔක්තෝබර් 22 වනදා ප්‍රාදේශීය සභාවේ සභාපති නිලමැදිරිය තුළදී වෙඩිතබා
ඝාතනය කෙරුණු අතර පසුව එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හිස්ව පැවතුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *