මෙහි නවතම සිදුවීම ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කළ 57 හැවිරිදි සංඥාකරුවෙකු වූ සරත් සඳලාල් මහතා පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා.
පෙබරවාරි 6 වන දින සිංගප්පූරුවේ ලියාපදිංචි ‘MV SOL Stride’ නෞකාවේ සේවය කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබුණා.
බහාලුම් පියන වැසීම සඳහා සංඥාව ලබාදුන් සඳලාල් මහතා ආරක්ෂිත ස්ථානයකට යාමට උත්සාහ කිරීමේදී, ඔහුගේ පාවහන් පොළොවේ තිබූ ලණුවක පැටලී තිබෙනවා.
එහිදී ඔහු අඩි 38ක් පහළින් වූ නෞකා තට්ටුව මතට ඇද වැටී ඇති අතර අදාළ ස්ථානයේ ආරක්ෂිත වැටක් තිබිය යුතු වුවද, නෞකා ක්‍රියාකරු එම වගකීම පැහැර හැරීම හේතුවෙන් මෙම අනතුර මාරක එකක් වූ බව වරාය නිලධාරීන් පවසන බවයි සඳහන්වන්නේ.
මෙම වසර මුලදී මහපොළ පුහුණු ආයතනය තුළ ප්‍රයිම් මූවර් රථයක් යට අලුත්වැඩියාවක නිරතව සිටි නිලධාරියෙකු, රථය පණගන්වා ධාවනය කිරීම නිසා ඊට යටවී මිය ගොස් තිබුණා.
පසුගිය වසරේදී CICT පර්යන්තය තුළ ප්‍රයිම් මූවර් රථයක් මතට බහාලුමක් කඩා වැටීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත් වුණා.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ද තවත් ප්‍රයිම් මූවර් රියදුරෙකු අනතුරකින් මියගිය අතර, එය පෞද්ගලික නොසලකා හැරීමක් මත සිදුවූවක් බවට එකල චෝදනා එල්ල වනවා.


