තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම එළිදක්වන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් පවසනවා.
මන්ත්‍රීවරයා සඳහන් කළේ, එම අවබෝධතා ගිවිසුම එළිකිරීමට රජය කටයුතු නොකිරීම තුළින් වතු කම්කරුවන්ට වැඩි කළ වැටුප අඛණ්ඩව ලැබෙන බවට තමන්ට විශ්වාසයක් නොමැති බවයි.
කොටගල කෝවිලේ සංස්කෘතික ශාලාවේ ඊයේ (22) ලංකා කම්කරු කොංග්‍රසයේ විශේෂ රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
වතුකරයේ ජනතාවගේ වැටුප් ඉහළ දැමුවද එම ජනතාවට වතු සමාගම් විසින් කාලයක් තිස්සේ ලබා දුන් සුභ සාධන කටයුතු කප්පාදු කර ඇති බවත්, මේ සදහා වතු කම්කරුවන් වෘත්තීය සමිති භේදයකින් තොරව තම අයිතිවාසිකම් ලබාගැනීමට වතුකරය තුළ අරගල කළ යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වැඩලපිළිවෙල තමන් අගය කරන බවත්, ඔහු වටා සිටින ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාලප තරයේ හෙළා දකින බවයි ජීවන් තොන්ඩමන් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියා.


