අගමැතිගේ මැදිහත්වීමෙන් ජාතික කැරම් කණ්ඩායම ලෝක කුසලානයට

WhatsApp Image 2024 10 25 at 10.18.35

මෙවර ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම තරඟය සඳහා සහභාගී වීමට බාධාවක්ව තිබූ මූල්‍ය ගැටළුව අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ මැදිහත්වීමෙන් විසඳා තිබේ.

ඒ අනුව එම ක්‍රීක ක්‍රීඩිකාවන්ට මෙම සංචාරය සඳහා අවශ්‍ය මුදල සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 05ක අනුග්‍රහයක් ලබා දී තිබේ.

ඒ අනුව එම මුදල සංකේතාත්මකව ප්‍රදානය කිරීමේ අවස්ථාව අද (18) අගමැති කාර්යාලයේදී සිදුව ඇති අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද ද සහභාගී වී ඇත.

2024 නොවැම්බර් මස 10 වන දින සිට 17 වන දින දක්වා ඇමරිකාවේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී පැවැත්වෙන 06 වන ලෝක කැරම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් කළමණාකරු සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකු සහභාගී වීමට නියමිතය.

ඒ අනුව කණ්ඩායම් කළමණාකරු ලෙස රනිල් අබේසිංහ කටයුතු කරන අතර, මොහොමඩ් ෂහීඩ්, අනාස් අහමඩ්, කවීන් නිම්නෙත් පීරිස්, දිනේෂ් නිශාන්ත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ද ජෝසප් රෝෂිතා වඩුගේ, හිරුෂි මල්ෂානි පීරිස්, තරුෂි හිමහන්සිකා වීරසේකර, තස්මිලා කාවින්දි යන ක්‍රීඩිකාවන්ද තරගාවලිය සදහා සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අගමැති ජයග්‍රහණය උදෙසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සුබ පැතුම් එක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *