උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය වැඩ අවසන් නැති නිසා දුම්රිය දාවණය සදහා නැවත වීවෘත කිරීම කල් යයි

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටස වැඩ අවසන් කර පසුගිය රජය සමයේ දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දුන් බවද එය දුම්රිය ධාවනයට සුදුසු මට්ටමක නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ ගැන දුම්රිය රියැදුරන් සඳහන් කළේ, හෙට සිට මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබුණත් අවම ආරක්ෂාව සපයන තුරු මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කළ නොහැකි බවයි.
කොළඹ සිට කන්කසන්තුරය දක්වා දිවෙන උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටස පසුගිය රජය සමයේ වසා දැමුණේ එම දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
රුපියල් මිලියන 300ක් මේ සඳහා ඇස්තමේන්තු කර තිබූ අතර වසරකට අධික කාලයක් තිස්සේ කළ ප්‍රතිසංස්කරණවලින් පසු හෙට සිට දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබු බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *