අණ නොතැකූ රථයකට පොලිසියෙන් වෙඩි
පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයකට කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, අද (01) අළුයම මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට බවයි.
මෙහිදී ලොරි රථයේ පිටුපස ටයර්වලට වෙඩි වැදී ඇති බව සඳහන් වනවා.
කෙසේ වෙතත්, මෙහිදී සැකකාර රියදුරු පලාගොස් ඇති බව වාර්තා වනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.


