දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයෙන් බස් වල ගමන් කළ හැක්කේ දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවල පමණයි – ගමනාගමන මණ්ඩලය

template 28

දුම්රිය වාර ප්‍රවේශපත්‍රය භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමට අවසර ලබා දී ඇත්තේ දුම්රිය ධාවනය සීමා වූ ප්‍රදේශවල සහ මේ වන විට දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවල පමණක් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන ප්‍රදේශවල පුද්ගලයින් ද දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමින් ලංගම බස් රථවල ගමන් කිරීමට උත්සාහ දැරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

පැවති අයහපත් කාලගුණයත් සමඟ සිදු වූ ආපදාවෙන් තවදුරටත් ප්‍රදේශ කිහිපයක දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *