හැටන් පාරේ ඉඳිකටුපානින් ශ්‍රී පාද ගමන්මග වෙනස්වන හැටි

template 29

හැටන් මාර්ගය ඔස්සේ මෙවර ශ්‍රී පාදය කරුණා කරන බැතිමතුන්ට ඉඳිකටුපානින් ඉහළට කරුණා කිරීමේදී සිමාවන් පනවා තිබෙනවා.

ඒ අනුව එහි පැමිණෙන වන්දනාකරුවන් වැඩි පිරිසක් ඉඳිකටුපාන පොලිස් මුරපොළ අසළින් රත්නපුර මාර්ගයට ගොස් ඒ හරහා ශ්‍රී පාදස්ථාන උඩමළුවට පිවිසීමටයි අවස්ථාව සලසා තිබෙන්නේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව මේ බව තීරණය කොට ඇති බවයි නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමීර ගම්ලත් පවසන්නේ.

මේ හේතුවෙන් අමතර පොලිස් නිලධාරින් පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා තිබෙන බව මධ්‍යම පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පැවසුවා.

ශ්‍රී පාදයට යන හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ පසුගිය දා පස් කන්දක් කඩා වැටීමත් සමග මෙම තීරණයට එළඹ තිබෙනවා.

පස්කන්ද කඩා වැටුණු ස්ථානයේ ආරක්ෂාව උදෙසා ඉදිරියේදී කටයුතු සිදු කිරිමට නියමිතයි.

මේ අතර එම ස්ථානයේ තිබු ඉපැරණි යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැලක් හමු වූ බවද ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *