“රට හදන තරුණ ජවය” වැඩසටහන ගම්පහින් ඇරඹේ

world bank Recovered Recovered 2 1

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන “රට හදන තරුණ ජවය” තේමාව යටතේ පැවැත්වෙන SYU Youth Summit වැඩසටහන 2026 මැයි 16 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව එම සංවිධානය පවසයි.
ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (14) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම වැඩසටහනේ පළමු අදියර ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් මැයි 16 දා ආරම්භ වන අතර, දෙවන වැඩසටහන මැයි 17 දා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද සංවිධායකයින් සඳහන් කළේය.
මාධ්‍ය හමුව සඳහා එරංග ගුණසේකර, මල්ෂි අමාශා, අංජන අමරසිංහ සහ මහේෂ් අඹේපිටිය එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ එරංග ගුණසේකර සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ වී වසර 61ක් සපිරෙන මෙම අවස්ථාවේ රට වෙනුවෙන් කැපවූ සියලු දෙනා සිහිපත් කරන බවයි.
එමෙන්ම වසර එකහමාරකට පෙර ජනතාව ලබාදුන් ජනවරම හරහා ජනතාවාදී පාලනයක් ස්ථාපිත වූ බවත්, ජාතිවාදය හා ආගම්වාදය ප්‍රතික්ෂේප කරමින් සමානාත්මතාවය මත පදනම් වූ සමාජ පසුබිමක් ගොඩනැගෙමින් පවතින බවත් ඔහු පැවසීය.
රට ගොඩනැගීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා තරුණ පරපුරේ සක්‍රීය දායකත්වය අවශ්‍ය බව පෙන්වාදුන් ඔහු, නව දේශපාලන සංස්කෘතියක් සහ සහකම්පනශීලී තරුණ පරපුරක් බිහිකිරීමේ අරමුණින් SYU Youth Summit වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශ කළේය.
“රට හදන තරුණ ජවය” වැඩසටහන සමඟ එක්වන ලෙස ද තරුණ ප්‍රජාවට ඔහු ආරාධනා කළේය.

 

ANZ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *