කෝටි ගණනක වංචාවකට සැකපිට සම්පත් බැංකුවේ විධායක නිලධාරියකු ඇතුළු 9ක් අත්අඩංගුවට

world bank Recovered Recovered 1 2

කූඨ ලේඛන සකසා කෝටි ගණනක බැංකු වංචාවක් කළ බව කියන මහනුවර සම්පත් බැංකු ශාඛාවක ප්‍රධාන විධායක නිලධාරියෙකු සහ කළමනාකරුවෙකු ඇතුළු සේවකයින් නවදෙනෙකු මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ අදාළ බැංකුවෙන් රුපියල් මිලියන 35ක ණය මුදලක් ලබාගෙන සිටින රංජිත් චන්ද්‍රසිරි නමැති ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.
පැමිණිලිකරු සඳහන් කර ඇත්තේ තමන් ලබාගත් ණය මුදලට වඩා වැඩි මුදලක් ව්‍යාජ ලේඛන සකස් කර තම නමට ඇතුළත් කර ඇති බවත්, ඒ හරහා වසර ගණනාවක් පුරා මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවත්ය. මේ පිළිබඳව බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයට දැනුම් දුන්නද සාධාරණ පරීක්ෂණයක් සිදු නොවූ බවද ඔහු ප්‍රකාශ කර ඇත.
බැංකු නිලධාරීන් විසින් සකස් කළ බව කියන ලේඛන කූඨ ලේඛන බව රජයේ රස පරීක්ෂකවරයා විසින් තහවුරු කිරීමෙන් අනතුරුව, පැමිණිල්ල සිදුකර වසර දෙකකට පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ උපදෙස් මත විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *