පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට 2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට
2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට අදාළ විෂය මලාව මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් ළමුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මේ අතර පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ළඟා කරදීම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් වන ළමුන් වෙත සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

කිසිදු දරුවෙකුගේ අධ්‍යාපනය දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බව පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපනයෙන් කිසිදු දරුවෙකු පිටමං නොවි යුතු බව ද සඳහන් කර තිබෙනවා.

මේ අතර හය ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසරට කල් දැමුණ ද ඉන් කිසිදු ශිෂයෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *