චීන විදේශ කටයුතු ඇමති දිවයිනට

chinnaaa

චීන විදේශ කටයුතු ඇමති දිවයිනට

චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ එක්දින නිල සංචාරයක් සදහා අද (12) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

විදෙස් අමාත්‍යවරයා සමග දුත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද පැමිණි බවයි.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද (12) අලුයම 01.05 ට දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර සිට චීනයට අයත් බෙයිඡිං ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂි ෂෙන්හොන්ග් ඇතුළු එම තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියාව, ඔීෂනියාව භාර අධ්‍යක්ෂ ඡනරාල් සිවිත්‍රා පානබොක්කෙ ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙල පැමිණ තිබෙනවා.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද (12) දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් චීනයේ බෙංඡින් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *