මහ ඇමතිවරයා ඓතිහාසික තීන්දුවක් ගනියි. තමිල්නාඩුවේ මත්පැන් හල් වසා දැමේ

world bank Recovered Recovered 1 1

තමිල්නාඩුවේ මත්පැන් හල් වසා දැමීමට මහ ඇමති විජයගෙන් නියෝග
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති C. Joseph Vijay විසින් රාජ්‍යයට අයත් TASMAC මත්පැන් අලෙවිසැල් 717ක් වහාම වසා දැමීමට නියෝග කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, ආගමික ස්ථාන, පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන මෙන්ම බස් නැවතුම් ආසන්නයේ පිහිටි මත්පැන් හල් මෙලෙස වසා දැමීමට තීරණය කර ඇත.
වාර්තා වන පරිදි, වසා දැමීමට නියමිත මත්පැන් හල් අතර ආගමික ස්ථාන ආසන්නයේ පිහිටි හල් 276ක්, අධ්‍යාපන ආයතන අසල පිහිටි හල් 186ක් සහ බස් නැවතුම් අසල පිහිටි හල් 255ක් ඇතුළත් වේ.
මෙම මත්පැන් හල් සියල්ල සති දෙකක් ඇතුළත වසා දැමීමට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.
තමිල්නාඩුවේ රාජ්‍ය මත්පැන් අලෙවිය පාලනය කරන TASMAC ආයතනය සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ සමාජ ක්‍රියාකාරීන් සහ විපක්ෂ දේශපාලන පක්ෂ විවිධ විවේචන ඉදිරිපත් කර තිබූ අතර, මෙම තීරණය ඒ සම්බන්ධයෙන් ගත් දැඩි පියවරක් ලෙස සැලකේ

 

 

ANZ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *