මාලිමා ආණ්ඩුවේ ඇමතිලා 06 කට අල්ලස් කොමිසමෙන් විමර්ශන

alls komisame

මාලිමා ආණ්ඩුවේ ඇමතිලා 06 කට අල්ලස් කොමිසමෙන් විමර්ශන
වත්මන් රජයේ අමාත්‍යවරුන් 06 දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අයථා වත්කම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබෙන බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරනවා.

ඒ අනුව, කැබිනට් අමාත්‍යවරුන් 5 දෙනෙකුට සහ එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් සිදු කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි එම පුවත්පත් සඳහන් කර ඇත්තේ.

කැබිනට් අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ට සහ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතාට එරෙහිව මෙම විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කර ඇතැයි එමඟින් පෙන්වා දී තිබෙනවා.

එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව මෙලෙස විමර්ශන ආරම්භ කර තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජාමුනි කමන්ත තුෂාර මහතාට එලඹෙන 30 අනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ද දන්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *