ලංකාවේ පරාජය ගැන සංගක්කාරගෙන් විවේචනයක්

sannnnn

ලංකාවේ පරාජය ගැන සංගක්කාරගෙන් විවේචනයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ එංගලන්තය සමඟ අද (22) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලැබූ පරාජය පිළිබඳව හිටපු නායක කුමාර් සංගක්කාර සිය දැඩි කලකිරීම පළ කර තිබෙනවා.

ලකුණු 51කින් ශ්‍රී ලංකාව ලැබූ මෙම පරාජය සම්බන්ධයෙන් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වාදෙන්නේ, ශ්‍රී ලංකා පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව කටයුතු කළද පිතිකරුවන්ගෙන් එවැනි සැලසුම් සහගත බවක් දැකගත නොහැකි වූ බවයි.

මුළු කණ්ඩායමෙන්ම ප්‍රදර්ශනය වූයේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක් බව ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන්ම කමිල් මිෂාරගේ ක්‍රීඩා විලාසය ද උසස් මට්ටමක නොතිබූ බව සංගක්කාර සිය සටහනෙන් අවධාරණය කළා.

ක්‍රීඩාංගණයේ තණතිල්ලේ ස්වභාවය සහ තරගයේ පවතින තත්ත්වය නිවැරදිව තේරුම් ගැනීමට පිතිකරුවන් අසමත්වීම ශ්‍රී ලංකාවේ මෙම පරාජයට ප්‍රධාන හේතුව වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *