ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 13.71% කින් ඉහළට

fb

2026 වසර ආරම්භයේදී (ජනවාරි මාසය) ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 13.71% ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ ඇස්තමේන්තුගත දත්තවලට අනුව, මැණික් හා ස්වර්ණාභරණ, ඛනිජ තෙල් නිෂ්පාදන සහ සේවා අපනයන ඇතුළු මුළු අපනයන ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,532.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මෙය වාර්ෂික අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා යහපත් ආරම්භයක් බව ද ඔහු පෙන්වා දුන්නේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *