රජයේ සේවකයින්ට සුබ ආරංචියක්

rajyaa

රජයේ සේවකයින්ට සුබ ආරංචියක්
2016 ජනවාරි 01 වනදායින් පසුව රාජ්‍ය සේවයට එක්වූ නිලධාරීන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීම සඳහා ඔවුන්ගේ පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් මේ සම්බන්ධයෙන් වන නිල චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනටමත් නිකුත් කර තිබෙනවා.

මෙම නව පියවර යටතේ, 2016 ජනවාරි 01 වන දින හෝ ඉන් පසුව සේවයට බඳවා ගත් සියලුම නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල අඩංගු විශ්‍රාම වැටුප් පිළිබඳ වගන්තිය යාවත්කාලීන කෙරෙනු ඇති.

එම සංශෝධනයත් සමඟ අදාළ සියලුම නිලධාරීන්ට විශ්‍රාම වැටුප් හිමිකම නිල වශයෙන් හිමිවන අතර, ඉදිරියේදී රාජ්‍ය සේවයට බඳවා ගන්නා නවක නිලධාරීන්ගේ පත්වීම් ලිපි සඳහා ද මෙම සංශෝධිත වගන්තියම ඇතුළත් කළ යුතු බව අමාත්‍යාංශය අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *