ජොන්ස්ටන් CID යට පැමිණෙයි

හිටපු අමාත්ය ජෝන්ස්ටන් ප්රනාන්දු අද (ඔක්. 23) මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිමට හේතුව, කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ සොයාගත් BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමයි. මෙරටදී එකලස් කළ මෙම මෝටර් රථය මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවූ බවට තොරතුරු ඇති බව සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා ජෝන්ස්ටන් ප්රනාන්දු අභියාචනාධිකරණයට නීතිඥයෙකු මඟින් පෙත්සමක් ගොනු කර ඇත. පෙත්සමේදී නීතිඥවරයා පවසා ඇත්තේ ඔහුගේ සේවාදායකයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්රකාශයක් ලබාදීමට සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *