ගම්මන්පිල දැගලුවාට වැඩක් නෑ

FB IMG 1729614765667

ජාතිවාදය හා ආගම්වාදය අවුස්සමින් කටයුතු කළ ගම්මන්පිල දැන් දේශපාලනික වශයෙන් අවලංගු කාසියක් බවට පත්ව සිටින බව ත් මහ මැතිවරණ සමයේ මාධ්‍යයට මුහුණ දමා ගැනීමට ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තා ගැන කතා කරන්නට පටන් ගෙන තිබෙන බව ත් ජාතික ජන බලවේගයේ විධායක සභික, මහනුවර දිස්ත්‍රික් නායක කේ.ඩී. ලාල් කාන්ත මහතා මහනුවරදී ඊයේ (ඔක්. 21) පැවසීය.

මෙම වාර්තා තමන් සතුව ඇත්නම් වග කිවයුතු දේශපාලනඥයෙකු ලෙස ඔහු කළ යුතුව තිබුණේ ඒවා පරීක්ෂණ කණ්ඩායම්වලට භාර දීම බව ද ඒ මහතා කීය.

මහනුවර ඊරියගම ප්‍රදේශයේදී ඊයේ (ඔක්. 21) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා මෙසේ ද පැවැසුවේ ය.

උදය ගම්මන්පිලගේ අභියෝග කවුරුවත් ගණන් ගන්නේ නැහැ. එයා දේශපාලනික වශයෙන් අවලංගු වෙච්ච කෙනෙක්. එක කාලයක් ජාතිවාදය, තව කාලයක් ජාතිකවාදය තව කාලයක් ආගම්වාදය කරපින්නාගෙන මේවා ඔක්කොම පටලවා ගෙන වැඩ කළ මේ අයගේ කෙරුවාව ජනතාව දැන් හොඳට දන්නවා. මේ අය දැඟලුවත් කෑගැහුවත් නැතත් ජනාධිපතිතුමත් අලුත් ආණ්ඩුවත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය, සාධාරණය ඉටුකරන බව ඒ අය දන්නවා. ඒ අය නියෝජනය කරන ආගමික ආයතනවලටත් වින්දිතයන් නියෝජනය කරන සමාජයටත් ඒ විශ්වාසය තිබෙනවා.

අවලංගු කාසියක් බවට පත්ව සිටින ගමමන්පිල මේ දවස්වල මොනවාහරි කියවලා උත්සාහ කරන්නේ රූපවාහිනි මාධ්‍යවලට එයාගේ මුහුණ දාගන්නයි. මෙච්චර කල් මේ වාර්තා ඇයි හංග ගෙන හිටියේ කියලා ගම්මන්පිලගෙන් ප්‍රශ්න කරන්න ඕන. මෙච්චර කල් මේ වාර්තා හංග ගෙන හිටියේ කාව ආරක්ෂා කරන්න ද කියලා එයාගෙන් ප්‍රශ්න කරන්න ඕන. මගේ ළඟ අරවා තියෙනවා මේවා තියෙනවා කියමින් ඉන්නේ නැතුව වගකිවයුතු දේශපාලනඥයෙක් විදිහට ගම්මන්පිල ඒවා භාර දෙන්න ඕන. එයාලා මොනවා කිව්වත් නැතත් මොනතරම් දැඟලුවත් නැතත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට විශ්වාසයි තමන්ට ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව සාධාරණය ඉටු කරන බව. ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක, දිස්ත්‍රික් විධායක සභික වෛද්‍ය හංසක විජේමුණි මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *