අලුත්ගම සිට පොල්ගහවෙල බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තරුණියක මියගොස් තිබෙනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ ඉෂිනි සිතාරා නමැති 23 හැවිරිදි තරුණියක් වන අතර පොලිසිය පවසන්නේ
ඇය පයාගල ,ගල්ලනමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි.
මැය කළුතර වේලාපුර විද්‍යාලයට ආසන්න දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටී ඇති අතර ඊට ටික වේලාවකට පෙර ඇය දුම්රිය මාර්ගය ආසන්නයේ රැදී සිටිමින් දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බවත් දුටුවන් පවසා සිටි.


