බැකෝ යන්ත්‍රයේ දෙදරීමට කඩා වැටුණු පානදුරේ බිල්ඩින්..

baco web
බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන්  කානු පද්ධතිය සකස් කරමින් තිබියදී පානදුර නගරයේ ජනාකීර්ණ වීදියක් වන ජනප්‍රිය මාවතේ  ශල්‍යාගාරයක්, රෙදි පිළි වෙළඳසැලක් ඇතුළු තවත් වෙළඳසැල් කිහිපයක් පිහිටා තිබූ දෙමහල් ගොඩනැගිලි කිහිපයක් හදිස්සියේ කඩා වැටී තිබේ.
මේ අනතුර සිදුවන අවස්ථාවේ වෙළදසැල් දෙකක් විවෘතව තිබුණද කිසිදු කෙනෙකුට තුවාල සිදුවී නොමැති අතර  ප්‍රදේශවාසීන් පවසන්නේ බැකෝ යන්ත්‍රය තුළින් ඇතිවූ දෙදරීම මීට බලපාන්නට ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *