මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අටකගේ දුරකථන විස්තර ඉල්ලයි..

rnv web

මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමට අදාල සම්පූර්ණ නොකරන ලද වාහන ලියාපදිංචි කිරීමේ පොත් දොළහක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට එම කාර්යාලයේ සේවය කරන සේවකයන් ගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට අවසර ලබාදෙන ලෙස බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයට අනුයුක්තව සේවය කරන සේවකයන් අට දෙනකුගේ දුරකථන විස්තර වාර්තා ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා දුරකථන සමාගම් තුනකට ඊයේ (30) නියෝග කර ඇතිබව සදහන් වෙනවා. 

තවද පොත් අස්ථානගත වූ කාර්යාලයේ සී සී ටීවී දර්ශන සවිකර නොමැති හෙයින් කාර්යාලයේ තිබූ ඇඟිලි සටහන් අනුව ඉදිරි විමර්ශන සිදු කරන බවත්,සැප්තැම්බර් මස 25 වැනි දින සිට මේ දක්වා කාර්යාලී වැඩ කරන එම සේවකයන්ගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට අවසර ලබා දෙන ලෙසත්, බොරැල්ල පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි බවද සදහන් වේ.

කිසියම් පාර්ශවයක් අස්ථානගත කර ඇත්ද? නැතහොත් කාර්යාලය තුළට පිටස්තරින් පැමිණි පුද්ගලයකු විසින් මෙම පොත් සොරකම් කර ඇත්ද යන්න පිළිබඳ අනාවරණය කර සැකකරුවන් හඳුනා ගැනීමට ඉදිරි විමර්ශන සිදු කරන බව පොලිසිය ප්‍රකාශ කර ඇති බවද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *