ඊයේ (30) කොළඹ කොටස් වෙළඳපොළේ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 7 ඉක්මවා, මේ වසරේ දෙවන ඉහළම පිරිවැටුම වාර්තා කළේ ය.
දිනය අවසාන වන විට, සියලු කොටස් මිල දර්ශකය ඒකක 241.98කින් ඉහළ ගොස්, ඒකක 12,770.58ක් ලෙස සටහන්ව තිබුණි.
එස්.ඇන්ඩ්.පී ටුවෙන්ටි දර්ශකයද ඒකක 8.59කින් ඉහළ ගොස්, ඒකක 3864.32ක් ලෙස ප්‍රකාශ විය.


