හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ලන්ඩනය, වොෂින්ටනය, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අබුඩාවි වැනි රටවල විදේශීය දූත මණ්ඩල සේවාවන් සදහා දේශපාලන හිතවත්කම් මත තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ලෙස පත් කර යවන ලද දහසය දෙනෙකු යළි කැදවීමට විදේශ කටයුතු පිළිබද අමාත්‍යංශය තීරණය කර ඇත.
එසේම මෙසේ පත්වීම් ලැබූ තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන්ට අමතරව, විදේශීය දූතමණ්ඩල සේවාවේ දේශපාලන හිතවත්කම් මත පත්කරන ලද අනෙක් තනතුරු වලට අදාල සියළු දෙනාද යළි කැදවීමට නියමිත බව විදෙස් කටයුතු අමාත්‍යාංශය පවසයි.


