චීනයේ ෂුහායි ප්‍රාන්තයේ ක්‍රීඩාංගණයක ව්‍යායාම කටයුතුවල නිරත ව සිටි පිරිසක් අතරට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් අතරින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වන අතර අදාළ අනතුරින් තවත් 43 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව තවදුරටත් වාර්තා වේ.
අනතුර සිදු කළ රියදුරු 62 හැවිරිදි අයෙකු වන අතර අනතුරින් පසුව පලා යාමට කළ උත්සාහයේ දී චීන ප්‍රාන්ත පොලිස් අත් අඩංගුවට පත් ව ඇත.
කෙසේවෙතත් අනතුරින් පසුව රියදුරා දැඩි මානසික කම්පනයකට ලක් ව ඇති බව වාර්තා වන අතර පසුගිය සතියේ දී සැකකාර රියදුරු සිය බිරිඳගෙන් නීත්‍යානුකූල ව වෙන් ව ඇති අතර දෙදෙනා අතර පැවති දේපොළ ආරවුල් බේරුම්කරණයක් හේතුවෙන් ඔහු දැඩි කනස්සල්ලෙන් සිට ඇති බවත් එහි තිබූ කම්පනකාරී තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් ද පැවසෙයි.
මේ වනවිටත් සැකකාර රියදුරු දැඩි කොමා තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගෙන් චීන පොලිසියට තවමත් අවසර හිමිව නොමැති බවද වැඩිදුරටත් සදහන් වේ.


