නවසීලන්ත හා ශ්රී ලංකාව අතර (13) පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 46ක ජයක් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහිදී තරගය නතර කරන විට පන්දුවාර 49යි පන්දු 2 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 324ක් රැස් කර ගෙන සිටියා.
වර්ෂාව හේතුවෙන් තරගයට ඇති වූ බාධා නිසා ඩක්වත් ලුවිස් න්යායට අනුව නවසීලන්ත කණ්ඩායමට ඉලක්කයක් ලබා දීමට තරග තීරකයින් තීරණය කළා.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 27කදී ලකුණු 221ක ඉලක්කයක් හිමි වූ අතර එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඔවුන්ට පන්දුවාර 27 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 175ක් පමණි.
ඒ අනුව පළමු තරගයේ ජය ශ්රී ලංකාවට හිමි වුණා.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Will Young ලකුණු 48ක් රැස් කළ අතර Tim Robinson ලකුණු 35ක් සහ Michael Bracewell නොදැවී ලකුණු 34ක් රැස් කළා.
මෙහිදී අඟනා පන්දු යැවීමක නිතර වූ දිල්ෂාන් මධුසංක කඩුලු 3ක් දවා ගත් අතර මහීෂ් තීක්ෂණ සහ චරිත් අසලංක කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ 1-0ක් ලෙස ශ්රී ලංකාව ඉදිරියෙන් පසුවෙනවා.


