ජනවාර්ගිකත්වයෙන් ශ්‍රී ලාංකිකත්වයට මාරුවක් …..

change web

දිවයිනේ ඉතිහාසයේ ප්‍රථම වතාවට උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව දෙමළ දේශපාලන පක්ෂ නොසලකා හරිමින් දකුනේ සිංහල-බෞද්ධ පදනමක් ඇති පක්ෂයක් වන ජාතික ජන බලවේගයට ඡන්දය දුන් අතර, එමගින් ශ්‍රී ලංකාවේ දේශපාලනයෙහි ප්‍රධානතම ව්‍යුහාත්මක වෙනසක් පෙන්නුම් කරයි. . ඇත්ත වශයෙන්ම, සාම්ප්‍රදායික දැඩි මතදාරී දෙමළ ප්‍රදේශ වන වන්නිය සහ යාපනය යන දෙකම ජාතික ජන බලවේගය දිනා ගත්තේය.
යාපනයේ දී, ජාතික ජන බලවේගය, ITAK, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සහ ස්වාධීන කණ්ඩායමක් සමඟින් තරග වැදී ආසන තුනක් දිනා ගත්තේය. යාපනයේ ලියාපදිංචි ඡන්ද දායකයින් 593,187ක සංඛ්‍යාවක් සිටියද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ 358,079 ( 60.37%)ක සංඛ්‍යාවක් පමණි. තවද සංකේතාත්මක ඡන්ද වර්ජනය නිසා සියයට 10කට ආසන්න 32,767ක ඡන්ද ප්‍රමාණයක් ප්‍රතික්ෂේප විය.එය චාවාකච්චෙරි සහ කයිට්ස් ජන්ද කොට්ඨාසවල එකතුවට අසන්න වශයෙන් සමානය.දමිල ප්‍රභූන්ගෙ වාසස්තාන වන නල්ලුර්, යාපනය, මනිපායි,කෝපායි,වඩුක්කොඩේ මෙන්ම කන්කසන්තුරය හා පේදුරු තුඩුව කොට්ඨාස ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කිරීම සුළුකොට තැකිය හැකි නොවේ.
වන්නි දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමෙන් එජාපයට ආසන දෙකක් හිමිවිය. සාම්ප්‍රදායික එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ දැන් SJB බලකොටුවක් වන කොළඹ පවා, ජාතික ජන බලවේගය සැලකිය යුතු ලෙස ජයග්‍රහණයක් ලබා ගත්තේය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ අභාවයෙන් පසු ඔහුගේ උපන් දිස්ත්‍රික්කය වන ත්‍රිකුණාමලය ද දෙමළ දේශපාලන පක්ෂවලට ජයග්‍රහනය කරා ළඟාවිය නොහැකි වනු ඇතැයි අපේක්ෂා කෙරිණි. ජාතික ජන බලවේගය ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර ආසන දෙකක් ලබා ගත් අතර SJB සහ ITAK එක ආසනය බැගින් ලබා ගත්හ.
බොහෝ දෙමළ වතු කම්කරුවන් වාසය කරන කඳුකරයේ, ජාතික ජන බලවේගය විෂිශ්ඨ ජයග්‍රහණයක් අත්කර ගත්තේය. නුවරඑළියේ ආසන 8න් 5ක් ජාතික ජන බලවේගය දිනාගත් අතර SJB 2ක් සහ UNP එකක් දිනාගන්නා ලදී.
ජාතික ජන බලවේග රැල්ලට එකම අභියෝගය වූයේ ITAK ජයග්‍රහණය කළ මඩකලපුවයි. එය ආසන තුනක් ලබා ගත් අතර ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන එක බැගින් දිනා ගත්හ. නමුත් දිස්ත්‍රික්කයේ ප්‍රභල භූමිකාවක් රඟ දැක්වූ නැගෙනහිර පළාතේ ප්‍රධාන හිටපු සටන්කාමියෙකු වූ පිල්ලෙයාන් හෙවත් පිල්ලෙයාන් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට සිය ආසනය දිනා ගැනීමට නොහැකි විය.
මෙම මැතිවරණයේ විසුළු සහගත කතාව වන්නේ ශ්‍රී ලංකාවේ සුළුතර ආධිපත්‍යය ඇති උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවලට තරඟ කළ දැවැන්ත අපේක්ෂකයින් සංඛ්‍යාවයි. සමස්තයක් වශයෙන් ගත් කල, ආසන 28 ක් සඳහා අපේක්ෂකයින් 2,000 ක් පමණ සිටියහ. යාපනයේ (ආසන 6) සහ මඩකලපුවේ (ආසන 5) අපේක්ෂකයින් සංඛ්‍යාව 400 බැගින් විය. වන්නියේ (ආසන 6) සදහා එය 400ක් සහ අම්පාරේ එය 600ක් (ආසන 7) ඉක්මවිය.
සමස්ථ ප්‍රතිඵලය තුලින් දමිල ජනතාව රටට පැහැදිලි පනිවිඩයක් ලබාදී ඇත එනම් තව දුරටත් වර්ගවාදී බෙදුම්වාදී කල්ලි සදහා දමිල ජනතාව තුල ඉඩක් නොමැති බවත් ඔවුන් ශ්‍රී ලාංකිකත්වය වටො රොද බැදී එකා වන්ව රට ගොඩනැගීමට දායක වීමට බලාපොරොත්තුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *