“මනල්” චිත්‍රපටියට සම්මාන රැසක් …….

manal web

මෙවර ලක්ස් දෙරණ චිත්‍රපට උළෙලේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිෂ්පාදනය සහ හොඳම චිත්‍රපටය යන සම්මාන ඇතුළුව තවත් සම්මාන ගණනාවක් විශාකේෂ චන්ද්‍රසේකරන් විසින් නිර්මාණය කරන ලද “මනල්” චිත්‍රපටියට දිනා ගෙන ඇත.

හොඳම චිත්‍රපටයට හිමි සම්මානය භාර ගනිමින් එහි අධ්‍යක්ෂක විශාකේශ චන්ද්‍රසේකරන් , “මනල්” යුද්ධයේ පරාජය ගැන කියන චිත්‍රපටයක්! අපේ සමාජයේ සහෝදර ජනතාවක් සදාකාලිකවම පරාජය සමඟ ජීවත් වෙමින් සිටිනවා. ඔවුන්ට එසේ පරාජය සමඟ ජීවත්වීමට බල කිරීම නැවත වරක් මේ සමාජය බරපතල අර්බුදයකට රැගෙන යාමට ඉඩ තියෙනවා යනුවෙන් කෙටි ප්‍රකාශයට යුද්ධය පිළිබඳව මෙන්ම පසු යුධ තත්වයක් තුළ මෙරට සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට උත්සාහ කරන සියල්ලන්ගේම අවධානයට යොමු විය යුතුව තිබේ.

යුද්ධයකින් කිසිවෙකු ජයග්‍රහණය කරන්නේ නැත. යුද ජයග්‍රහණය තමන්ගේ දේශපාලන වාසියට යොදා ගනිමින් සදාකාලිකවම රටේ පාලන බලය තමන් අත තබාගන්නට උත්සාහ කළ දේශපාලකයින්ව අද ජනතාව විසින් ගෙදර යවා ඇත. උතුරු නැගෙනහිර ජනතාවට අද සාමය සහ සංහිඳියාව පිළිබඳ පමණක් නොවේ ආර්ථික සංවර්ධනය පිළිබඳවද බලාපොරොත්තුවක් ඇති වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *