කුර්දි සටන්කාමීන්ට එල්ල කරන තුර්කි ප්‍රහාර හමුවේ උතුරු හා නැගෙනහිර සිරියාවේ ප්‍රදේශවල බලශක්ති මධ්‍යස්ථාන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුර්කිය 2019 ඔක්තෝම්බර් සිට 2024 ජනවාරි දක්වා කාලය තුළ කුර්දි පාලනය යටතේ පවතින උතුරු හා නැගෙනහිර සිරියාවේ තෙල් බිම්, ගෑස් සහ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර 100 කට වඩා එල්ල වී තිබෙනවා.
මේ වන විට පවතින තත්ත්වය හමුවේ පාසල්, ළමා නිවාස, රෝහල් සහ අවශ්‍යතා ඇති අයට ප්‍රමුඛත්වය දෙමින් සෑම දිනකම ජල ටැංකි මගින් ජලය බෙදා හැරීම සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


