ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් අනුමතයි…..

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට අද (19) අනුමැතිය ලබාදී තිබෙනවා ඒ, ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙනි.

ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව 2023 දී අනුමත කරන ලද ණය වාරිකයට අදාළ දෙවැනි වාරිකය මෙලෙස අනුමත කර තිබෙනවා. මූල්‍ය අංශයේ පාලනය වැඩිදියුණු කිරීම, මූල්‍ය ආයතනවල ධාරිතාව ඉහළ නැංවීම සහ තිරසාර ආර්ථික වර්ධනයට දායක වෙමින් මූල්‍ය පද්ධතියට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙමගින් අපේක්ෂා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *